මම අනුෂ්කා කුරේ. මේ වෙනකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ තෙවන වසර අධ්‍යයන කටයුතු කරමින් ඉන්නවා.

සිංහල බ්ලොග් එකක් ලියන්න ආසාවක් හිතේ හුඟ කාලෙක ඉඳන් තිබුනත් ඕවා කරන්න වෙලාවක් නැහැ කියන සිතුවිල්ල නිසාම ඒ ආසාව එහෙමම වැලලිලයි තිබුනේ. ඒත් මම පුලුවන් හැම වෙලාවේම සිංහල බ්ලොග් කියවන්න අමතක කරන්නේ නැහැ. අන්තිමේදී ඉන්දරේ හැමදාමත් බ්ලොග් එකක් ලියමු ලියමු කියලා වද කරන නිසාම, ලියලා බලනවා කියලා හිතුන නිසාම "අනූගේ සටහන්" කියන නමින් මගේම බ්ලොග් එකක් පටන් ගත්තා.

ඉදිරියට මගේ අදහස්, මගේ අත්දැකීම් වගේ ගොඩක් දේවල් අනූගේ සටහන් තුලින් හැමෝටම කියන්නයි සූදානම. ඒවා කියවලා රසවිඳින්න, විවේචනය කරන්න වගේම බ්ලොග්කරණයට ආධුනික මගේ අඩුපාඩු පෙන්වලා දෙන්නත් මම හැමෝටම ආරාධනා කරනවා.


This entry was posted on 1:00 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

18 comments:

    Narada said...

    ඔන්න අක්කාගේ පළමු Follower වෙලා මුල්ම ක්මෙන්ටුව දැම්මා.

    සුභම සුභ පැතුම් අක්කේ, හොඳ හොඳ දේවල් තියන්න දිරිය හා ශක්තිය ලැබේවා!

    අපොයි ඉන්දරේ හැමදාම කියලත් දැන් පටං ගත්ත ඒක තමා අවුල! කමක් නෑ ඉතිං අක්කේ, අක්කා ආවනේ කොහොම හරි නේද? ;)


    Word verification එකත් අයින් කොරලා දැම්මා නම්???

  1. ... on December 1, 2009 at 10:14 AM  
  2. mahesh said...

    සාදරයෙන් පිලිගන්නවා ඔබව බ්ලොග් එකතුවට, දිගටමලියන්න, අපි ඉන්නවා කියවන්න ඔබේ අදහස්, සුභ පැතුම්....!!!

  3. ... on December 1, 2009 at 10:21 AM  
  4. budhajeewa said...

    සිංහල බ්ලොගෝලයට සාදරයෙන් පිළිගන්නවා!

    දිගටම ලියමු!

  5. ... on December 1, 2009 at 10:34 AM  
  6. Rachintha Jayawardhana said...

    සුබ පැතුම්! සුබම සුබ පැතුම්!!

  7. ... on December 1, 2009 at 10:41 AM  
  8. Indranama said...

    එල එල !
    සාදරයෙන් පිලිගන්නවා සිංහල බ්ලොග්කරණයට !
    දිගටම ලියන්න ඕනෙ හරිද??
    (තාක්ෂණික ආධාර මගෙන් නොමිලේ ! :D )

  9. ... on December 1, 2009 at 10:50 AM  
  10. Anonymous said...

    එළ
    අක්කව සාදරයෙන් පිළිගන්නවා
    ඉන්දරේ අයියා වගේ දිගටම ලියන්න :-)

  11. ... on December 1, 2009 at 11:04 AM  
  12. Januka said...

    එල එළ..
    සුභ පැතුම්.. හොඳට ලියන් යන්න..

  13. ... on December 1, 2009 at 11:38 AM  
  14. Deeps said...

    ජයවේවා අක්කේ...ලියමු ලියමු...බොහොම සන්තෝෂයි බ්ලොග් ලෝකේ තවත් කාන්තා නියෝජනයක් දකින්න

  15. ... on December 1, 2009 at 11:50 AM  
  16. Anonymous said...

    හික් හික්..... ආ... අපි ඔයාව දන්නවා... ඔයා චොක්ලට්, අයිස් ක්‍රීම් වගේ ජාති කන්න පෙරේතයි නේද?

    සුබ පැතුම්, දිගටම ලියන්න නංගි !!!!

  17. ... on December 1, 2009 at 1:58 PM  
  18. යූත්මැක්ස් said...

    මගෙන් උණුසුම් සුභ පැතුම්... හැබැයි මගදී නවත්තන්න නම් එපා හොඳේ...

  19. ... on December 1, 2009 at 2:06 PM  
  20. මනුසත් said...

    ආයිබෝවන් !

    මාත් මේ බ්ලොග් කෙලියට අළුත් (බ්ලොග් ලියන කෙලියට - කියවන එක නම් දැං මාස ගානක් ඉඳන් කලා)

    අපි සමකාලිනයෝ හික්ස් !

    මම මේ බැලුවේ කෙල්ලෙක් ගේ බ්ලොගක් නිසා ඔක්කෝම සුභපතලා තියෙනවා . . . හ්හ්ම්ම්ම්

  21. ... on December 1, 2009 at 5:19 PM  
  22. Anonymous said...

    සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශයට.

    ( ඔහොම කිව්වට මගේ බ්ලොග් එකනම් සංගමේ නෑ. ඒත් මම වෙනවිදියකින් හරි ඉන්නවනේ මේකේ. :) )

    දිගටම ලියන්න අපි ඉන්නවා කියවන්න. :)

    ජය වේවා කිව්වා!!!!!

  23. ... on December 1, 2009 at 6:59 PM  
  24. Ravimal said...

    අහ්.. එල එල.. දිගටම ලියන්න.. පවුල් පිටින් බිලොග් ලියනවා ඔය දැක්කමයි ඕං.. :)

  25. ... on December 1, 2009 at 9:39 PM  
  26. Indranama said...

    ඒකනෙ "සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් පන්නයි" කියලා කියන්නෙ :P

  27. ... on December 1, 2009 at 10:03 PM  
  28. අනූ said...

    @ හැමෝටම,
    ප්‍රතිචාර දැක්වූවාට හැමෝටම බොහෝම ස්තූතියි. දිගටම ලියන්න තමා බලාපොරොත්තු වෙන්නේ. :)

    @ඉන්දරේ
    හිහි... හරිම හිනා (ඕවා කතාවට විතරයි) :P

  29. ... on December 2, 2009 at 10:52 AM  
  30. Anonymous said...

    අසාර්ථක මිනිහෙක් පස්සෙ ඉන්න මොන ගෑණිද කැමති? ඒ නිසා දාලා යනවා. සාර්ථක මිනිස්සු පස්සෙන් ගෑනු යනවා මිසක් ගෑනු පස්සෙන් හිටියා කියල මිනිස්සු සාර්ථක වෙනවද? :D

  31. ... on December 4, 2009 at 11:53 PM  
  32. Nuwan said...

    ඔන් අපිත් ආවා. අපි කිව්වට ඉතින් මම විතරයි. හා හා...
    සුභ පෑතුම්...එහෙනම් ඉතින් පටන් ගත්තා නම්...හික් හික්...

  33. ... on December 9, 2009 at 12:34 AM  
  34. නෙරංජි සුලක්ඛනා said...

    ඒ කියන්නේ එකමත් එක රටේ හිටපු අනූ අක්කාත් දැන් බ්ලොග් ලියනවා....අක්කේ ඔයා තවත් කාන්තා නියෝජනයක් වීමම අපිට ලොකු සතුටක්...අනික ඔයා ජනප්‍රිය මැතිණියක්නෙ..හික් හික්......දිගටම ලියන්න....අපි ඔයාගේ ලිපි කියවන්න ආසවෙන් ඉන්නවා......

  35. ... on April 8, 2010 at 6:02 PM