දඟ වැඩක් කලෝතින් විටෙක හුරතල් වෙලා...
ඔබ හිඳී සිනහවෙන් දඟකාර ඉවසලා...
බැන වදින විටෙකදි තරහවක් සිත් දරා...
ඔබ හිඳී මහමෙරක් ලෙසින් එය ඉවසලා...
කඳුලු හෙලනා විටෙක සිත් පැතුම් බොඳ වෙලා...
ඔබ හිඳී සවිය වී කඳුලු පිස සනසලා...
සැප මෙන්ම දුකෙදීත් මා දිවිය ඇති තුරා...
ඔබ හිඳී මා ලඟින් මා සුරත අත දරා...
සත්තකයි ඔබ මගෙ ජීවිතය සම වෙලා...
මගේ පුංචි ලොකයේ ඔබ මගෙ ඉර වෙලා...
7 comments:
Raven said...
සුන්දර පද පෙළක්. දිගටම ලියන්න. සුබපැතුම්.
Indranama said...
ෂහ්! ලස්සන කවියක්නේ :)
චතුරංග රූපසිංහ said...
මලට ඉර ගොඩාක් වටිනවා වගේ
අනූ said...
@රවීන් : බොහොමටත්ම ස්තූතියි.:)
@ඉන්දරේ : බොහොම ස්තූතියි.:)
Anonymous said...
ලස්සනයි අනුෂ්කා..... සමනලීගෙන් සුභපැතුම්!!! :-)
Ravimal said...
ෂාහ්.. මෙන්න මෙයා කවිත් ලියනවා... ලස්සනයි ලස්සනයි. දිගටම ලියන්න.
නෙරංජි සුලක්ඛනා said...
මට ආරංචියක් ආවා සාහිත්යට ආසා නෑ කියලාත්,ඒ වුණාට අක්කාගේ කවිය හරිම ලස්සනයි... අපි දන්නවා ලිව්වෙ කාටද කියලාත්......
:D :D